ඉන්දියාවම කම්පා වෙයි – ඩුබායි වලදී ශ්‍රී දේවිට ජීවිතය අහිමි වෙයි video

බොලිවුඩයේ සුපිරි නිළි ශ්‍රීදේවී කපූර් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි මිය යනවිට 54 වැනි වියෙහි පසුවූ ශ්‍රී දේවී පවුලේ විවාහ උත්සවයක් සඳහා සහභාගී වෙමින් සිටියදී ඩුබායි හිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇගේ ඥාතීහු පවසති.

වයස අවුරුදු හතරේදී චිත්‍රපට රංගන දිවියට පිවිසි ඇය දමිළ, තෙලිඟු, මලයාලම්, කර්නාටක සහ හිංදි යන භාෂාවන්ගෙන් තිරගත වූ චිත්‍රපට රැසකට සිය රංගන ප්‍රතිභාව තිලිණ කළ අතිශය රූමත් නිළියක වූවාය.

ඉන්දීය චිත්‍රපටවල බොහෝවිට දැකිය හැකිවූ වීරත්වයෙන් යුතු පුරුෂයා අභිභවා තම චරිතය තනිවම චිත්‍රපටය තුළ බොක්ස් ඔෆීස් වාර්තා දක්වා ඉහළට එසවූ රංගන ශිල්පිනියක ලෙසද ඇය හඳුනාගෙන තිබුණි. එවැනි චිත්‍රපට නිළියන් ඉන්දියාව තුළ බිහිව ඇත්තේ අතලොස්සක් බවද විචාරකයෝ පවසති.

බොනී කපූර් සමග ශ්‍රීදේවී විවාහ වූ අතර, ඇය මියයන අවස්ථාවේදී බොනී මෙන්ම ඇගේ දියණිය කුෂීද සිට ඇති බව ඇගේ ඥාතීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි ඔවුනට ජාන්වි නමින් තවත් දියණියක වෙයි.

Comments

Popular posts from this blog

இந்திய அணியை வெளுத்து வாங்கிய தென் ஆப்பிரிக்க வீரருக்கு அடித்தது அதிர்ஷ்டம்

ஸ்ரீதேவியின் மரணத்தை முன்கூட்டியே உணர்ந்தாரா அமிதாப் பச்சன் வைரலாகும் டுவீட்

ஸ்ரீதேவி இறந்த செய்தி அறிந்த மகள் ஜான்வி கபூர் படப்பிடிப்புத்தளத்தில் பரிதாபம்